Add twitter DM button in a tweet?

Add twitter DM button in a tweet?

මෑතකදි ඉඳලා ට්විටර් එක විසින් අපිට ට්වීට් ඇතුලේ ඩිරෙක්ට් මැසේජ් බට්න් එක තියන්න හා අපිට ඩීඑම් ලැබාගන්න හැකියාව දීල තියෙනවා. අද මම කියන්න යන්නේ ඒක කරන විදිය ගැන.

මුලින්ම මේකට ඔයාලගෙ ට්වීට් පබ්ලික් වෙන්න ඕන. ප්‍රයිවට් ප්‍රොෆයිල් වලට කරන්න බෑ, ඊටපස්සෙ ට්විටර් සෙටින්ග් එකක්තියෙනවා “Receive messages from anyone” කියන ඔප්ශන් එක. ඒක අනිවාර්‍යයෙන්ම enable කරල තියෙන්න ඕන.
ඒ සෙටින්ග් එක ට්විටර් වෙබ්සයිට් එකේ එකේ පාත් එකේ හොයාගන්න පුළුවන්:
More -> Settings and privacy -> Privacy and safety -> Receive messages from anyone (under Direct Messages)

ලොග් වෙලා ඉන්නවනම් මේ ලින්ක් එකෙන් එතනට යන්න පුළුවන්

ඊටපස්සෙ ඔයාලට ඕන කරන ටෙක්ස්ට් එක, එහෙමත් නැත්නම් ට්වීට් එක සාමාන්‍ය විදියට ටයිප් කරගන්න. පස්සෙ ඩී.එම් බට්න් එක වැඩ කරන්න අවශ්‍ය වෙන ලින්ක් එක දැන් අපි ට්වීට් එක ඇතුලට පේස්ට් කරන්න ඕන, ඒක කරන්න මෙහෙමයි

https://twitter.com/messages/compose?recipient_id={ඔයාගෙ ට්විටර් අයි.ඩී එක (අංකය)}

Twitter ID එක කියන්නෙ අපේ ට්විටර් හැඩල් එක වගේම ඒක ඇතුලෙ තියෙන අපි uniquely identify කරගන්න ට්විට‍ර් ඩේටබේස් එකේ තියෙන අංකයක්. ඒක හොයාගන්නත් වෙනම සයිට් එකක් තියෙනවා. ඒ සයිට් එකට මෙතන ක්ලික් කරලා යන්න. ඊට පස්සෙ ඔයාගෙ යූසර් නේම් එක නැත්නම් හැඩල් එක එන්ටර් කරල “convert” කියන බට්න් එක ක්ලික් කරන්න. එක තමයි ඔයාගෙ Twitter ID එක. මේකෙ සඟල වරහන් ඉවත් කරලා අංකය විතරක් එතන තියන්න අමතක කරන්න එපා.

මෙහෙම කරගත්තට පස්සේ ඔයාට ලැබෙන්න ඕන මෙන්න මේ වගේ URL එකක්,

https://twitter.com/messages/compose?recipient_id=589264205

මීට අමතරව ඔයාලට DM sender ගෙන් මොකක්හරි ඩීෆෝල්ට් මැසේජ් එකක් මේ DM එකත් එක්ක ලැබෙන්න ඕනනම් අපි ඒ ටෙක්ස්ට් එකත් මේ link එකටම බයින්ඩ් කරලා තියන්න ඕන. (මාතක තියාගන්න අපි මේ දාන ටෙක්ස් එක අනිවාර්‍යයෙන්ම url encode වෙන්න ඕන.) text එකක් url encode කරගන්න මේ සයිට් එකට යන්න.


https://twitter.com/messages/compose?recipient_id={ඔයාගෙ ට්විටර් අයි.ඩී එක (අංකය)}&text={URL Encode කරන ලද ටෙක්ස්ට් එක}

සිංහල යුනිකෝඩ් එකක් URL Encode ක‍රාම අපබ්‍රන්සයක් වගේ එකක් එයි ගනන් ගන්න එපා ඒක එහෙමම පේස්ට් කරන්න.

අන්තිමට ඔයාලට ලැබෙන්නෙ මේ වගේ යූ.ආර්.එල් එකක්: https://twitter.com/messages/compose?recipient_id=589264205&text=default%20text

සැ.යු: අමතක නොකර සඟල වරහන් ඉවත් කරන්න, URL එක මැද හිස්තැන් (ස්පේස්) තියෙන්න බෑ, මේකේ ප්‍රීවිව් එකක් පෙන්නන්නෙ නෑ, ට්වීට් කරාට පස්සෙ තමයි බට්න් එක පේන්නේ

අළුත් දෙයක් ඉගෙනගත්තනම්, වැදගත් කියලා හිතෙනවනම් ශෙයා කරන්න.
-දිසාපාමොක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *